25.5 C
Galle

බද්දේගම උප සභාපති, මැර ප්‍රහාරයකින් රෝහලේ

Published:

බද්දේගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති සමන් සී. ලියනගේ මැර ප්‍රහාරයකට ලක්ව ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර සිටියි.

ඊයේ (24) ඔහුට පහරදීම සිදුකර ඇත්තේ බද්දේගම ප්‍රාදේශීය සභාවට, පහළ කීඹිය කොට්ඨාසයෙන් තරඟ කළ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

කරාපිටියේ මල් ශාලාවක පැවැති අවමංගල්‍ය උත්සවයක දී සැකකරු විසින් උප සභාපතිවරයාට දෙවරක් පහර දී ඇති අතර ඉන්පසු යතුරුපැදියෙන් සිය බිරිඳ සමඟ නිවස බලා යමින් සිටි උප සභාපතිවරයා පසුපස හඹාවිත්, ගොඩකන්ද ප්‍රදේශයේ දී මඟ හරස්කර නැවත සැකකරු විසින් පහර දී ඇත.

මේ පිළිබඳ උප සභාපති සමන් සී. ලියනගේ පෝද්දල පොලිසියට පැමිණිලි කර ඇති අතර එහි සඳහන් වන්නේ එදින රැය පහන්වීමට පෙර තමන් මරා දමන බවට ද පහරදුන් පුද්ගලයා විසින් තර්ජනය කර ඇති බවයි.

එම ප්‍රහරදීමෙන් පසු ගාල්ල ජාතික රෝහලට ගිය උප සභාපතිවරයා මේ වනවිට රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අතර පෝද්දල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මාධ්‍යවේදියකු වන සී. ලියනගේ සමසමාජ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා ද වෙයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී බද්දේගම ප්‍රාදේශීය සබාවට සම සමාජ සහ කොමියුනිස්ට් ඒකාබද්ධ කණ්ඩායමෙන් තරඟ කළ අතර ප්‍රාදේශීය සභාව පිහිටුවීමේ දී ජාතික ජන බලවේගයට සහාය ලබාදුන්නේ ය.

Related articles

Recent articles

error: Content is protected !!