කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 34,422ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,438ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 172කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,051ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේලීස් සමාගම රුපියල් මිලියන 372
- හේමාස් සමාගම රුපියල් මිලියන 279
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියනෙ 215
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 11
- රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 10
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 09
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25 %
- යෝර්ක් ආකේඩ් සමාගම 24%
- එස්එන්බී ලීසිං සමාගම 12%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 399
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 344
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 321
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 97ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 198ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 100ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- කොටගල වැවිලි සමාගම රුපියල් මිලියන 20
- එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 16
- පික් මී සමාගම රුපියල් මිලියන 15
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 64
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 22
- ටොයොටා සිමෙන්ති සමාගම රුපියල් මිලියන 19
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


