27.9 C
Galle

ජේඑෆ් පැකේජින් සමාගම පළමු දිනයේ දී වාර්තාගත පිරිිවැටුමක් ලබාගනී

Published:

අද (19) දිනයේ දී සිය ප්‍රාථමික කොටස් නිකුතුවක් සිදුකළ ජේඑෆ් පැකේජින් සමාගම දිනය අවසානයේ දී වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු කරන ලද සමාගම බවට පත්වෙමින් වැඩිම පිරිවැටුමක් ද වාර්තා කර තිබේ. එම සමාගමේ කොටසක් රුපියල් 11.60 බැගින් නිකුත් කළ අතර රුපියල් 14.00 සිට 16.00 දක්වා ප්‍රමාණයකින් ගනු දෙනු වූයේ දිනය අවසානයේ රුපියල් මිලියන 423ක ගොටස් ගනුදෙනුවක් සිදුකරමිනි.

කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 37,120ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,814ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 21කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 23,029ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජේඑෆ් පැකේජින් සමාගම රුපියල් මිලියන 423
  • සීඅයිසී සමාගම රුපියල් මිලියන 319
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන‍ෙ 209

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජේඑෆ් පැකේජින් සමාගම කොටස් මිලියන 27
  • සීඅයිසී සමාගම කොටස් මිලියන 09
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 09

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම 33 %
  • ජේඑෆ් පැකේජින් සමාගම 30%
  • යෝර්ක් ආකේඩ් සමාගම 24%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 40
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 340
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 320

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 95ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 100ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 05ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 35
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 33
  • හේලීස් එම්ජීටී සමාගම  රුපියල් මිලියන 14

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 40
  • හේලීස් සමාගම රුපියල් මිලියන 15
  • එච් සෙනිට් සමාගම රුපියල් මිලියන 12

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!