27.9 C
Galle

මරණ 47යි, තවත් 21ක් අතුරුදන්

Published:

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන 47 දෙනකු මියගොස් තවත් 21 දෙනකු අතුරුදන්ව ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට පවුල් 1,729කට අයත්, පුද්ගලයන් 5,893 දෙනකු පීඩාවට පත්ව ඇති බව ද එම මධ්‍යස්ථානය පවසයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ නාය යෑම් සහ පස් කඳු කඩාවැටම් හේතුවෙන් පුද්ගල මරණ 23ක් සිදුව ඇති අතර 05 දෙනකු තවදුරටත් අතුරුදන්ව සිටියි. මේ අතර මහනුවර, ගංගොඩ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇත. එම ප්‍රදේශයේ පවතින නායයෑමේ අවදානම හේතුවෙන් නිවාස කිහිපයක පුද්ගලයන් ආරක්ෂාව සඳහා එක් නිවසක රැඳී සිටිිය දී එම නිවස නාය ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ පවසයි.

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 සඳහාම දැඩි බලපෑම් සිදුව ඇති අතර නායයෑම් හේතුවෙන් මරණ 6ක් සිදුව තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!