කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 22,660ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,341ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 182කින් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,662ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 170
- ඩිමෝ සමාගම රුපියල් මිලියන 138
- එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියනෙ 131
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- රේණුක ඇග්‍රි සමාගම කොටස් මිලියන 07
- සිට්‍රස් වස්කඩුව සමාගම කොටස් මිලියන 06
- බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 06
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- එස්එම්බී ලීසිං සමාගම (X) 33 %
- ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම 25%
- රේඩියින් ජෙම්ස් සමාගම 06%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 394
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 337
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 16ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 119ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 103ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- කැල් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03
- පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 01
- සිලෝන් ලෑන්ඩ් සමාගම රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 56
- ඩයලොග් ආසියාටා රුපියල් මිලියන 33
- මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 06
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


