මේ වනවිට මහවැලි ගංඟා ද්‍රෝණිය අවට පහත් බිම් ප්‍රදේශවල මහා ගංවතුර තත්වයක් ඇතිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
මේ හේතුවෙන් ඒ ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙසත් ඇතිවන මහා ගංවතුර තත්වයෙන් ජීවිත ආරක්ෂා කරගැනීමවට කටයුතු කරන ලෙසත් දැනුම් දී ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මහවැලි ගඟ දෙපස පහත්බිම්වල පදිංචිකරුවන් වහාම එම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යාම වඩාත් සුදුසු බවයි.
ඉදිරි දිනවලදී ද දැඩි වර්ෂාපතනයක් ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති අතර එය මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළම වර්ෂාපතනය විය හැකි බැවින් ජීවිත ආරක්ෂා කරගැනීම ප්‍රමුඛත්වයේ සළකන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


