27.9 C
Galle

“දිට්වා” තව තවත් දරුණු වෙයි

Published:

ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ලකරමින් පවතින “දිට්වා” සුළි කුණාටුව ඉදිරි පැය 48ක කාලයේ දී තමිල්නාඩුව ප්‍රදේශයෙන් ඉන්දියාවට ඇතුළුවීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි.

ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් ‘දිට්වා’ මේ වනවිට ඉන්දියාවේ පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් අතර කොරොමැන්ඩල් වෙරළ තීරය දෙසට ගමන් කරමින් පවතින බව සඳහන්. මේ හේතුවෙන් ඉන්දියාවේ දිස්ත්‍රික්ක ගණනාවකට රතු අනතුරු ඇඟවීම් නිකුත්කර ඇත.

ඊයේ (27) පස්වරුව වනවිට ‘දිට්වා’ සුළි කුණාටුව මඩකලපුවට කිලෝමීටර් 60ක් දුරින් ගමන්කරමින් තිබුණි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇදහැළෙමින් පවතින වර්ෂාව මෑත ඉතිහාසයේ දී ශ්‍රී ලංකාවට ලැබුණු විශාලතම වර්ෂාපතනය බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 56 දෙනකු මියගොස් ඇති අතර අතුරුදන් වූ පුද්ගලයන් සංඛ්‍යාව 21කි.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩුපීඩන කලාපය, පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමත් සමග ප්‍රධාන ගංගා ද්‍රෝණි රැසක පහත්බිම්වලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත්කිරීමට වාර්මාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

මේ වනවිට දිස්ත්‍රික්ක 07ක ප්‍රදේශීය ලේකම් ‍කොට්ඨාස 58කට නායයෑම් සම්බන්ධයෙන් ඉවත්වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!