27.9 C
Galle

කලා ඔයේ බසය පෙරැළෙයි, මගීන් නිවසක වහළක් මත

Published:

කලා ඔයේ පාලම මත හිර වී තිබූ බස් රථය දැනට මොහොතකට කලින් පෙරැළී ගොස් ඇතැයි වාර්තා වේ. මේ බසයේ සිටි මගීණ් නාවික හමුදාව විසින් ඉතාමත් අසීරුවෙන් බේරාගෙන ජලයෙන් යටවී පවතින නිවසක වහළක් මතට ගෙන ගොස් තිබේ.

සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී වහළ පමණක් පෙනෙන්නට ඇති එම නිවසේ ඇස්බැස්ටස් වහළ මත මේ වනවිට 60ක පමණ පිරිසක් රැඳී සිටින බව අවට ප්‍රදේශවාසීහු පවසති. වහළ ඉතාමත් අනතුරු දායක අතර නිවසේ බිත්ති පවා කැඩී යාමට ඉඩ ඇති බැවින් ඔවුන්ගේ ජීවිත තවමත් පවතින්නේ දැඩි අවදානම් තත්වයකය.

ඔවුන් බේරාගැනීමට තවමත් හෙලිකොප්ටර් යානා කිසිවක් පැමිණ නැත.

Related articles

Recent articles

error: Content is protected !!