27.8 C
Galle

කඳුකරය ම නායයාමේ අවදානමක

Published:

අධික වර්ෂාව හේතුවෙන් කඳුකරයේ ඕනෑම ස්ථානයක, ඕනෑම මොහොතක නාය යෑම් සිදුවිය හැකියැයි ජාතික ගොඩනැගිලි පර්යෙෂණ සංවිධානය අනතුරු අඟවයි.

එම සංවිධානයේ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ මෙය තම ජීවිත කාලයේ දී මුහුණ දුන් අතිශය අසාමාන්‍ය තත්වයක් බවයි.

කඳුකරයට පැය 24ක් ඇතුළත මිලිමීටර 150ට වැඩි වර්ෂාපතනයක් ඇතිවුවහොත් නාය යාම් ඇතිවිය ැකි අතර මේ වනවිට ගත වූ පැය 24ක කාලයේ දී මිලිමීටර 500 ඉක්මවූ වර්ෂාපතනයක් කඳුකරයට ලැබී ඇති බැවින් ඕනෑමව අවස්ථාවක ඕනෑම තැනක් නායයාමට හැකි බව ද හෙතෙම පෙන්වා දෙයි.

මේ නිසා කඳු සහ පස් කණ්ඩි ඇති ස්ථානවලින් වහාම ආරක්ෂිත ස්ථානවෙත ගමන්කරන ලෙස ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ අංශයේ අධයක්ෂවරයා ඉල්ලා සිටියි.

මේ වනවිට ආපදා ස්ථානවෙත ළඟාවීමට නිලධාරීන්ට පවා නොහැකි වී ඇති අතර සහන කණ්ඩායම් යැවී ම දුෂ්කර වී ඇත.

මේ වනවිට සමහර තැන්වලට මි.මී 500 – 600 වගේ ලැබිලා. මේ වනවිට කඳුකර ප්‍රදේශවලට නායයන දිස්ත්‍රික්කවලට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. සමස්ත වර්ෂාපතනය දවස් 10ක ගත්තහම මි.මී 1000ක් පමණ වෙලා තියෙනවා. මේක අති විශේෂ අසාමාන්‍ය තත්ත්වයක් අපේ ජීවිත කාලය තුළ අත්වින්ඳ. ඒ නිසා ඕනෑම තැනක තමන්ගේ නිවාස පිටුපස කණ්ඩි තියෙනවා නම් ඒවා ගේ මතට කඩා වැටීමේ හැකියාව තියෙනවා. අපේ නිලධාරීන්ටත් රාජකාරීවලට එන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඇත්තටම නායයන්නේ කොතැනද නොයන්නේ කොතැනද කියන එකත් වෙන්කර ගන්න බෑ. අපෙන් ඇහුවත් කියන්න බැරි තත්ත්වයකට ඇවිල්ලා. ඕනෑම තැනක් නායයෑමට ඉඩතියෙනවා. හැකි සෑම විටම අනාරක්ෂිත තැනින් ඉවත්වෙලා ආරක්ෂිත තැනකට යන්න.”

Related articles

Recent articles

error: Content is protected !!