රටට බලපා ඇති හදිසි ආපදා තත්වය හේතුවෙන් අද (28) කොළඹ කොටස් වෙළෙඳ පොළ දහවල් 12.30ට අවසන් කළ ද එය පැවැති කෙටි කාලයේ දී කොටස් වෙළෙඳ පොළෙහි වර්ධනයක් දක්නට ලැබිණි. ඒ අනුව අද (28) දිනයේ ගනුදෙනු 16,879ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,935ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 50කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,712ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 284
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 163
- කලම්බු ඩොක් යාර්ඩ් සමාගම රුපියල් මිලියනෙ 124
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීළ්ස් සමාගම කොටස් මිලියන 12
- ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 05
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 04
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- සීඩබ්ලිව් මැකී සමාගම 20 %
- උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම 07%
- එක්ස් ටර්මිනේටර් සමාගම 07%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 390
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 338
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 317
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 46ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 372ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 326ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- ෆස්ට් කැපිටල් සමාගම රුපියල් මිලියන 07
- හැටන් නැෂනල් බැංකුව (X) රුපියල් මිලියන 01
- පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 01
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 155
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 123
- එයිට්කන්ට් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 20
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


