27.8 C
Galle

ගම්පහ නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවකින් ඉවත්වන්න යැයි ඉල්ලයි. මහා ගංවතුර අවදානමක්

Published:

ගම්පහ නගරය සහ දොම්පේ, බියගම, කැලණිය ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ජනතාවට හැකි ඉක්මනින් ඉවත්වන්න යැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ දැනුමව් දෙයි.

දැනට පවතින ගංවතුර තත්ත්වය තව තවත් වර්ධනය වීමේ හැකියාව පවතින බැවින් මෙසේ අනතුරු ඇඟවීම් සිදු කළ බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම එහි සිටින ජනතාව ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතින බව ද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මා ඔය පිටාර ගැලීම හේතුවෙන් දිවුලපිටිය සහ මීරිගම ප්‍රදේශවල 800ක් පමණ පුද්ගලයින් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවය.

මේ අතර ඉදිරි පැය 06ක කාලය තුළ ගම්පහ නගරය හා ඒ අවට අත්තනගලු ඔය සහ උරුවල් ඔය නිම්නවල පහත්බිම්වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත. අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථානවලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතී.

එම වර්ෂා තත්ත්වය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් අත්තනගලු ඔය ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංගා ජල මාපාංකවල ජල මට්ටම විශ්ලේෂණය අනුව මෙම පුරෝකථනය සිදුකර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!