අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තෝරාගත් දුම්රිය කිහිපයක් පමණක් හෙට (29) දිනයේ ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව පහත සඳහන් දුම්රිය හෙ// ට ධාවනය වීමට නියමිතය
ප්‍රධාන මාර්ගය
- කොළඹ කොටුව / මීරිගම – පෙ.ව. 6.00 (මන්දගාමී)
- මීරිගම / කොළඹ කොටුව – පෙ.ව. 6.30 (මන්දගාමී)
- මීරිගම / කොළඹ කොටුව – පෙ.ව. 7.30 (මන්දගාමී)
මුහුදුබඩ මාර්ගය
- ගාල්ල / මරදාන – පෙ.ව.6.00 (මන්දගාමී)
- අලුත්ගම / මරදාන – පෙ.ව. 5.30 (මන්දගාමී)
- අලුත්ගම / මරදාන – පෙ.ව. 6.00 (මන්දගාමී)
- අලුත්ගම / මරදාන – පෙ.ව. 6.30 (මන්දගාමී)
පුත්තලම මාර්ගය
- හලාවත / කොළඹ කොටුව – පෙ.ව. 6.00 (මීගමුව දක්වා මන්දගාමී)
- මීගමුව / කොළඹ කොටුව – පෙ.ව. 7.30 (මන්දගාමී)
කැලණිවැලි මාර්ගය
- අවිස්සාවේල්ල / කොළඹ කොටුව – පෙ.ව. 05.55 (මන්දගාමී)
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් එම දුම්රිය ධාවනය කරන වේලාවන් ද වෙනස්විය හැකි බවයි.


