කිලෝවොට් 132,000ක ධාරිතාවකින් යුතු අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් ද කඩා වැටී ඇතැයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ශර්ලි කුමාර පවසයි.
රන්දෙණිගල, රන්ටැඹේ සහ මහියංගණය අතර මාර්ගයේ දී එම රැහැන් පද්ධතිය කඩා වැටී ඇත.
විදුලිබල මණ්ඩලය පවසන්නේ මේ වනවිට දිවයිිනේ විදුලි පාරිභෝගිකයන්ගෙන් 25% – 30% කට පමණ විදුලිය විසන්ධි වී ඇති බවයි. සම්පූර්ණ විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 70නිත
එමෙන් ම පවතින තත්වය මත කොත්මලේ ජල විදුලි බලාගාරය සහ රන්ටැඹේ ජල විදුලි බලාගාරය ක්‍රියා විරහිත කිරීමට සිදුව ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය. මේ වනවිට අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය සාමාන්‍ය තත්වයට පත්කිරීම අතිශය දුෂ්කර වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
නැගෙනහිර, මධ්‍යම, උතුරු පළාත ආශ්‍රිතව වැඩි වශයෙන් විදුලි විසන්දි වීම් වාර්තා වී ඇති අතර කඩාවැටුණු අධිබලැති කුළුණ අලුත්වැඩියා කරනනතුරු මහියංගනය, අම්පාර, වවුනියාව ප්‍රදේශවලට විදුලි සැපයීම අපහසු යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව බෝවතැන්න බලාගාරයේ සිට උකුවෙල දක්වා දිවෙන රැහැන් මාර්ගයේ ද කුළුණක් කැඩී ගොස් ඇති බැවින් බෝවතැන්නේ බලාගාරයේ ද විදුලිය විසන්ධිකර ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා කීවේය. ඉහළ කොත්මලේ බලාගාරය ද අක්‍රිය කිරීමට සිදුව ඇත. කොත්මලේ බලාගාරයේ ජෙනරේටර තුනෙන් එකක් ජල කාන්දුවක් හේතුවෙන් අක්‍රිය කර ඇති අතර අනෙක් දෙක ක්‍රියාත්මක වෙයි. මේ අතර රන්ටැඹේ බලාගාරය ද ක්‍රියාවිරහිත කර ඇති අතර අනෙක් සියලු බලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක බවන බව සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
මහනුවර ප්‍රාථමික උප පොළ ගැටඹේ පන්සල අසළ පිහිටා ඇති අතර එය සම්පූර්ණයෙන් ම ජලයෙන් යටවී තිබීම හේතුවේන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ප්‍රදේශයට සහ මහනුවර නගරයට විදුලි සැපයීම ලබාදිය නොහැකි තත්වයක් උදා වී තිබේ.
අද (28) පැවැති මාධ්‍ය හමුවේ දී සාමාන්‍යාධිකාරීවරයා මෙසේ ද කීවේය.
“අපි මේ වෙලාවේ තනිකර අවධානය යොමුකර තියෙන්නේ විදුලි අලුත්වැඩියාව සඳහා. එය සිදුකරන්නේ අත්‍යවශ්‍ය ස්ථාන සඳහා විදුලිය සැපයීම ප්‍රමුඛතාව යටතේ. ඉන් අනතුරුව තමා අපිට ගෘහස්ත සම්බන්ධතා පිළිබඳ බලන්න වෙන්නේ. ඒ නිසා ඇතැම්විට ප්‍රමාදයන් සිදුවේවි අපිට ප්‍රමුඛතාවයන් මත තමා විදුලිය සැපයීම් සිදුකරන්න වෙන්නේ. අපිට ලක්ෂ 70ක් පාරිභෝගිකයින් ඉන්නවා. මේ වෙනකොට විශාල පාරිභෝගිකයින් ප්‍රමාණයකට විදුලිය සැපයීම අහිමි වෙලා තියෙනවා. මේවා අලුත්වැඩියා කරන්න වතුර තත්ත්වය බැහැලා යනකන් ඉන්න වෙනවා.”


