27.8 C
Galle

කොත්මලේ ගමක් ම නාය යයි. සහන කණ්ඩායම් නෑ. මළ සිරුරු තැන තැන

Published:

කොත්මලේ, රම්බොඩගම ගම්මානය පසුගිය 27 වැනි දා අලුයම 12.00ත් 1.00ත් අතර නායයෑමට ලක්ව නිවාස විශාල සංඛ්‍යාවක් පස් යට සැඟවී පුද්ගලයන් රැසක් අතුරුදන්ව ඇතත් තවමත් එම ස්ථානයට සහන කණ්ඩායම් ළඟා වී නැතැයි ප්‍රදේශවාසියකු මාධ්‍යයට පවසයි.

තමන් යහන් මාලක නමින් හඳුන්වාදුන් එම පුද්ගලයා පවසන්නේ කොත්මලේ නුවරඑළිය පාරේ සිට ගම රම්බොඩගම මැදින් පුණ්ඩලුඔය දක්වා ම විශාල ප්‍රදේශයක් නාය ගොස් ඇති බව ද හෙතෙම පවසයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ එම නායගිය ස්ථානයට අඩි 20ක් පමණ ඈතින් පිහිටිි තම නිවසේ පවුල් 08ක පුද්ගලයන් 20කට වැඩි පිරිසක් නතර වී සිටින බවයි. පස්වලට යට වූ පිරිස් බේරාගැනීමට කිසිම හැකියාවක් නොමැති බවත්, තුවාලකරුවන් රෝහල්ගත කිරීමට හෝ මළ සිරුරු ඉවත්කිරීමට හෝ හැකියාවක් නොමැති බවත් ඔහු පවසයි.

මේ පිළිබඳ වගකිවයුතු අයගේ අවධානය යොමුවේවා යැයි අපි ඉල්ලා සිටිමු.

Related articles

Recent articles

error: Content is protected !!