රටේ උද්ගත වී ඇති ආපදා තත්වය හේතුවෙන් මහජනන හසිසි අවස්ථා රෙලුලාසි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතුකොට ගෙන මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම හා මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයීම් හා සේවා පවත්වා ගෙන යෑම සඳහා මහජන හදිසි අවශ්‍යතා රෙගුලාසි මෙසේ ගැසට් කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.
ජනාධිපතිවරයා විසින්, 1959 අංක 8 දරන පනතින් සහ ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියෙන් තමන් වෙත පැවරී ඇති බලතල අනුව ආඥාපනතේ II වන කොටසේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව මුළුල්ලේම මෙය ක්‍රියාත්මක වෙයි.


