27.8 C
Galle

රුධිර පරිත්‍යාගශීලීන් අවශ්‍ය කර තිබේ

Published:

රුධිර පරිත්‍යාග අවශ්‍ය වී ඇතැයි ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ රෝගී ප්‍රතිකාර කටයුතු සඳහා දෛනික රුධිර අවශ්‍යතාව දිනකට ඒකක 1400-1500ත් අතර ප්‍රමාණයක් වන අතර එයින් 85%ක් ම ලැබෙන්නේ රුධිරය පරිත්‍යාගකිරීමේ කඳවුරු සංවිධානය කිරීෆමනි.

මේ වනවිට රටපුරා උද්ගත වී ඇති ආපදා තත්වය හේතුවෙන් මෙවැනි රුධිර පරිත්‍යාගකිරීමේ ජංගම කඳවුරු සංවිධානය නොවීම සහ සංවිධානය කර තිබූ එවැනි කඳවුරු පැවැත්වීමට නොහැකි වීම බරපතල ගැටලුවක් වී ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ඊයේ (28) දිනයේ ජංගම කඳවුරුවලින් ලැබුණේ රුධිර ඒකක 236ක් පමණක් බවත්, අද (29) දිනයේ දී ද එම සංඛ්‍යාව 350ක් පමණ වනු ඇති බවත් වෛද්‍ය එදිරිසිංහ පැවසීය. මේ නිසා රෝහල් සඳහා ප්‍රමාණවත් රුධිර සංචිත අර්බුදයක් ඇතිවිය හැකි බැවින් එය වළක්වාගැනීම සඳහා යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, රාගම, කඹුරුගමුව, හම්බන්තොට, ගාල්ල ජාතික රෝහල, උතුරු කොළඹ රෝහල, මහරගම පිළිකා රෝහළ වැනි රෝහල්වල ස්ථාපිත කර ඇති ලේ බැංකු වෙත හෝ නාරාහේන්පිට පිහිටි ජාතික රුධිර මධ්‍යස්ථානයට හෝ ගොස් ලේ පරිත්‍යාග කරන්න යැයි ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටිියි.

Related articles

Recent articles

error: Content is protected !!