27.8 C
Galle

කුඹල්ඔළුව විදුහලේ රැඳී සිටින පිරිසකගේ ජීවිත අනතුරේ ?

Published:

කොත්මලේ, පූඩළුඔය, කුඹල්ඔළුව විද්‍යාලයේ අවතැන් වූ 300ක් පමණ රැස්වී සිටින බවත් එම පාසලේ විදුහල්පති නිල නිවසේ ද 20ක පමණ පිරිසක් රැඳී සිටින බවත් දැනගන්නට ඇත.

මෙම පිරිස රැඳී සිටින පාසල් භූමියේ පොළොව ද තැන තැන ඉරිතලා ගොස් ඇති බැවින් නායයාමේ දැඩි අවදානමක් ඇති බව පැවසේ. විදුලිය සහ සන්නිවේදන පහසුකම් ඇණහිට ඇති බැවින් උපකාර ඉල්ලා ගැනීම ද ඔවුන්ට අපහසු වී ඇත.

එහි සිටින අයකු මාධ්‍ය හා සම්බන්ධ වී උපකාර ඉල්ලා සිටි අතර ඔවුන් පවසන්නේ පොලිසියට හෝ සහන කණ්ඩායම්වලට හෝ එම ස්ථානයට ළඟාවීමට නොහැකි බවයි.

ජීවිත අනතුරකට මුහුණ දී සිටින ඔවුන් බේරාගැනීමට අවශ්‍ය අංශ දැනුම්වත් කර ඇත.

සම්බන්ධකරගැනීමට 0715657327

Related articles

Recent articles

error: Content is protected !!