අනුරාධපුරය සහ නුවරඑළිය නගර වෙත ප්‍රවේශවීමට ඇති සියලුම ගොඩබිම් මාර්ග අවහිර වී හෝ කැඩී යාම හේතුවෙන් එම නගරවලට ප්‍රවේශවීමට නොහැකි වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ රට පුරා ප්‍රධාන මාර්ග 206ක් අවහිර වී හෝ කැඩී ගොස් හෝ ඇති බවයි. එමෙන් ම ප්‍රධාන මාර්ගවල පිහිටි පාලම් 10කට පමණ දැඩි අලාභ හානි සිදුව ඇති අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර්හුවමාරුව ද සම්පූර්ණයෙන් ම ජලයෙන් යට වී තිබේ.


