අරණායක – අම්බලකන්ද ප්‍රදේශයෙහි නායයාම හේතුවෙන් පුද්ගලයන් 120ක් පමණ ජීවීත අවදානමක් සහිතව හිරවී සිටින අතර පුද්ගලයන් දෙදෙනකු අතුරුදන්ව ඇත. නිවාස ගණනාවකට හානි සිදුව ඇති බවත් එම ස්ථානය තවදුරටත් නායයමින් පවතින බවත් ප්‍රදේශවාසීහු කියති.
සිරවී සිටින පිරිස අතර කුඩා ළමුන් 20ක් පමණ සිටින බව ද දැනගන්නට ඇත. එමෙන් නායයාමෙන් හානියට පත්වූ නිවාසවල සහ ගංවතුරෙන් හානියට පත් නිවාසවල පුද්ගලයන් අරණායක අම්බලකන්ද විහාරස්ථානයේ සහ අම්බලන්කන්ද පාසලේ රැස්වී සිටින බව ද වාර්තා වේ. ඔවුන්ට කූඩාරම්, වියළි ආහාර, ජලය සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය අවශ්‍ය බව ද පැවසේ.


