ගංඟා ඉවුුරු ආසන්නයේ ඉදිකර තිබූ ගොඩනැගිලි බොහොමයක් මේ වනවිට කඩා වැටීමේ බරපතල අවදානමකට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.
විශේෂයෙන් ම මහවැලි ගඟ දෙපස මහනුවර, පේරාදෙණිය සහ ගන්නෝරුව ප්‍රදේශවල ඉදිකර තිබූ ගොඩනැගිලි වැඩිම අවදානමකට පත්ව ඇත. අනෙකුත් සියලු ගංඟා ඉවුරුවල ද ඉදිකර තිබූ ගොඩනැගිලි ජලය බැසයාමත් සමඟ ඉවුරු ඛාදනය හේතුවෙන් ගඟටම කැඩීයාමේ අවදානමක් තිබේ.
එම නිවාස සහ ගොඩනැගිලිවලින් වහාම ඉවත්වන්න යැයි ඒවායේ පදිංචි අයට සහ ව්‍යාපාර සිදුකරන අයට දැනුම් දී ඇත.
භූ විද්‍යාඥයන් පවසන්නේ පස් ජලයෙන් සංතෘප්තවී ඇති බැවින් පස්වල දෘඪ භාවය නොමැතිව ලිහිල් වී ඇති බවයි. මේ නිසා ඕනෑම මොහොතක මෙවැනි ඉදිකිරීම් කඩා වැටීමට ඉඩ ඇති බව ඔවුහු පෙන්වා දෙති.


