ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (30) සවස වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ දී ගිං ඔයට කඩා වැටී ඇත.
මෙම යානයේ සිටි ගුවන් හමුදා සාමාජිකයන් පස්දෙනා ම බේරාගෙන මාරවලි රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
එම යානයේ අවසන් මොහොතේ ලබාගත් දර්ශනවලින් පෙනී යන්නේ කිසියම් කාර්මික දෝෂයක් හේතුවෙන් ගිං ඔයේ පාලම අසළ මාර්ගයට හෙලිකොප්ටරය පහත් කිරීමට ගුවන් හමුදා නිලධාරීන් උත්සාහ ගන්නා බවයි. නමුත් හෙලිකොප්ටරය දකින පිරිස් එම ආසන්නයට යාමත් සමඟ ඔවුන්ට හෙලිකොප්ටර් යානය මාර්ගයට ගොඩබෑමෙන් ජනතාවට හානියක් සිදුවිය හැකියැයි ඇති වූ සැකය මත ඔවුන් එය නැවත ගිං ඔය දෙසට හරවන ආකාරය ද දර්ශනවල පෙනී යයි. මොහොතකින් හෙලිකොප්ටරය ගිං ඔයට කඩා වැඩේ.


