කැලණි ගඟේ ජල මට්ටම හංවැල්ල ප්‍රදේශයේ දී අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්.සූරියබණ්ඩාර පවසයි.
හංවැල්ල ජල මාපකයේ අධි ගංවතුර මට්ටම ඉක්මවා ජල කඳක් තිබුණ ද මේ වනවිට එහි උස අඩුවෙමින් පැවතිය ද මෙය බැස ගිය ගංවතුරක් ලෙස නොසළකන ලෙසත් ඔහු ඉල්ලා ිසටියි.
“මේ ගංවතුර මට්ටම තවත් තිබෙන්නේ ඉතාමත් අවදානම් මට්ටමක. එය අඩු වෙන්නේ ඉතාමත් හෙමින්. ඒ නිසා අපි තවදුරටත් ආරක්ෂාකාරී විය යුතුයි. අනතුරක් සිදු නොවී තවත් දින කිහිපයක් මේ ආපදා තත්වය කළමනාකරණය කරගන්න අවශ්‍ය වෙනවා. ගංවතුර වැළැක්වීමට යෙදූ වේලිවල අවදානම් තත්වයත් තවමත් පහව ගිහින් නැහැ. ක්‍රමයෙන් වතුර අඩුවෙමින් යාවි. නමුත් අප තවමත් ඉන්නේ අධි අවදානම් ගංවතුර තත්වයක.” හෙතෙම වැඩිදුරටත් කීවේය.


