දිට්වා පුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ අධික වර්ෂාවෙන් ඉහල ගිය කැළණි ගළේ ජල මට්ටම අද(02) උදෑසන වනවිට පහත බසිමින් පවතින බව වාර්තා වෙයි.
කොළඹ නාගලගම්වීදිය ජල මාපකයේ ඊයේ අඩි 8.50 ක උපරිම අගකට ලඟා වූ අතර අද වනවිට එය ක්‍රමයෙන් පහත බැසීමට පටන්ගෙන ඇති බව වාරිමාර්ග බලධාරීහු සඳහන් කරයි. ඒ අනුව අද උදෑසන වනවිට එහි අගය 7.05ක් ලෙස සටහන් වී තිබිණ.
කෙසේ වුවද එම අගය තවමත් මහ ගංවතුර මට්ටමේ පවතින බැවින් අවධානම පහව ගොස් නොමැති නිසා තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවද බලධාරීහු පවසති.
අද දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි රහිත තත්ත්වයක් පවතිනු ඇති බවට කාළගුණ විද්‍යා දේපාර්තමේන්තුව පවසන අතර ඌව, දකුණ, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක පස්වරුවේ වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.


