කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (02) දිනයේ ගනුදෙනු 34,869ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,006ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 219කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,241ක් ලෙසිනි.
වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්
- ඇක්සස් ඉංජිනියරින් සමාගම රුපියල් මිලියන 365
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 231
- හැටන් නැෂනල් බැංකුව (X) රුපියල් මිලියනෙ 186
වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්
- ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 07
- සියරා කේබල් සමාගම කොටස් මිලියන 05
- එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 05
වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්
- කැල් ෆන්ඩ් සමාගම 15 %
- එස්එන්බී ලීසිං සමාගම 14%
- බොගවන්තලාව වැවිලි සමාගම 13%
අද දිනය අවසානයේ වටිනාම සමාගම
- ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 385
- කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 327
- සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 316
විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 55ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 253ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 198ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.
විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්
- රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 16
- රේණුක හෝල්ඩින්ස් සමාගම (X) රුපියල් මිලියන 14
- එයිට්කන් ස්පෙන්ස් සමාගම රුපියල් මිලියන 06
විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්
- ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 119
- ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 41
- ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 35
විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ


