ආපදා හේතුවෙන් පුද්ගලයන් 465ක් මියගොස් තවමත් 366 දෙනකු අතුරුදන්ව සිටින බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (02) සවස 6.00ට නිකුත් කළ නවතම නිවේදනයේ දක්වා ඇත.
දැනට ලැබී ඇති තොරතුරු අනුව දිවයින පුරා පවුල් 437,507ක පුද්ගලයෝ 1,558,919ක් පීඩාවට පත්ව සිටිති.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 118කි. බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 89ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 53ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් වාර්තා වී තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 171 දෙනෙකු අතුරුදන්ව සිටින අතර, නුවරඑළියේ පුද්ගලයින් 73ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48, බදුල්ලෙන් පුද්ගලයින් 28ක් දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇත.


