24.1 C
Galle

පොහොය දා අනුරාධපුරයේ එන්න එපා

Published:

දිවයිනටම බලපෑම් ඇතිකළ අයහපත් කාළගුණික තත්ත්වය හේතුවන් අනුරාධපුර දිස්ත්‍රික්කයටද බොහෝ හානි සිදුවී ඇති හෙයින් උඳුවප් පුර පසළොස්වක පොහොය යෙදෙන 04 වන දා ආශ්‍රිතව අනුරාධපුරයේ වන්දනා කිරීමට පැමිණීමෙන් වැළකීම වඩාත් සුදුසු බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි පවසයි.

වැඩිදුර අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ ද පැවසූහ,

“මේ රටේ දැනට පවතින අයහපත් කාළගුණික තත්ත්වයත් සැලකිල්ලට අරගෙන නුවණින් කල්පනා කරලා, එළ‌ඹෙන පොහොය දිනයේ අනුරාධපුරයට බැහැරින් වන්දනා කිරීම සඳහා නොපැමිණෙනවා නම් හොඳයි කියන එකයි මගේ අදහස. ඔබ දුර බැහැර ඉඳලා එනවා නම් නවාතැන් පහසුකම් වෙනදා වගේ දෙන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ, ඒ නිසා මේ පොහොය ගෙදර ඉඳලා වන්දනා මාන කටයුතු කරන්න කියලා මම සියළු දෙනාට කරුණාවෙන් සිහිපත් කරනවා.”

Related articles

Recent articles

error: Content is protected !!