ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ආපදාවට පත්වූ පාසල් අධ්‍යාපනය ලබන සෑම දරුවකු වෙනුවෙන්ම රුපියල් 25, 000 ක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඇය පාර්ලිමේන්තුව අමතමින් මෙසේ ද පැවසුවාය,
“විපතට පත්වූ පාසල් දරුවන්ට රුපියල් 25 000ක් ලබා දෙන්න රජය තීරණය කර තිබෙනවා. මෙවැනි ක්‍රියාමාර්ග තුළින් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ගෙන යෑමට රජයක් ලෙස කැපවන බවට අප සහතික වෙනවා.”
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත ජනාධිපති අරමුදලෙන් මෙම මුදල් ලබා දීමට නියමිතය.


