“දිත්වා” සුළි කුණාටුවෙන් සිදු වූ හානිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියෙන් 70%ක් ම භාවිතයට ගත නොහැකි තත්වයට පත්ව ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට දුම්රිය මාර්ගවල සමස්ත දුර වූ කිලෝමීටර 1,593න් දැනට භාවිතයට ගත හැකිව ඇත්තේ කිලෝමීටර 478ක් පමණක් බවයි.


