24.1 C
Galle

ආපදාවෙන් වැඩිම මරණ මහනුවරින්

Published:

පසුගිය දිනවල දිවයින පුරා ඇතිවූ වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් මේවනවිට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර පවසයි.

ඔහු පවසන්නේ ආපදා හේතුවෙන් මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කයේ 185දෙනකු මියගොස් තවත් 229දෙනකු අතුරුදහන් වී ඇති බවයි.

“මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 32,987ක පුද්ගලයින් 1,05,427 දෙනකු පීඩාවට පත්ව සිටිනවා. දිස්ත්‍රික්කයේ පවුල් 20,000ක් පමණ අවතැන් වී ඇති අතර ඔවුන්ගෙන් 29,257දෙනකු ආරක්ෂිත ස්ථාන 319ක රඳවා සිටිනවා. ඉතිරි අය ඥාති නිවෙස් වල පදිංචිව සිටිනවා. දිස්ත්‍රික්කයේ නිවාස 1259ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් නිවාස 10,014කට අර්ධ හානි සිදුව තිබෙනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Related articles

Recent articles

error: Content is protected !!