2026 වර්ෂයේ අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම සංශෝධන සහංතව වැඩි ඡන්ද 157කින් සම්මත විය. එහි දී අයවැයට පක්ෂව ඡන්ද 158ක් හිමි වූ අතර විරුද්ධව ලැබුණේ එක් ඡන්දයක් පමණි. ඡන්දය විමසන අවස්ථාවේ දී දෙදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිට තිබිණි.
පසුගිය නොවැම්බර් මස 7 වනදා මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. පසුගිය නොවැම්බර් මස 15 වනදා අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා විවාදය ආරම්භ කෙරිණි.


