29.4 C
Galle

ගාල්ල ජාතික රෝහලෙන්, ආපදාවට ලක්වූවන්ට මනෝ සත්කාර

Published:

පසුගිය දා පැවැති ආපදා තත්වය හේතුවෙන් විපතට පත් වූ ළමයින් සහ වැඩිසිහිටියන් සඳහා මනෝ වෛද්‍ය විශේෂඥ සේවාවක් ආරම්භ කිරීමට ගාල්ල ජාතික රෝහල කටයුතු කර තිබේ.

මෙම සේවාව සම්පූර්ණයෙන් ම නොමිලයේ පැවැත්වෙන අතර ඕනෑම අයකුට ඒ සඳහා 0762099619 අංකය ඔස්සේ WhatsApp මගින් අදාළ සේවාව ලබා ගැනීමට හැකියාව ඇත.

ගාල්ල ජාතික රෝහලේ වැඩිහිටි මනෝ චිකිත්සක ඒකකය සහ ළමා හා නව යොවුන් මනෝ චිකිත්සක ඒකකය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

ආපදාව හේතුවෙන් සිදු වූ විපතින්, දෙමාපියන්, දූ දරුවන් ඇතුළු සමීපතමයන් අහිමිවීමෙන් සහ සියලු දේපළ අහිමිවීමෙන් මානසික වික්ෂිප්ත භාවට පත්ව සිටින සහ ගැටලු සහගත තත්වයන්ට පත්ව සිටින ඕනෑම අයකුට මෙම සේවාව නොමිළයේ ලබා ගැනීමට හැකියාව ඇත.

Related articles

Recent articles

error: Content is protected !!