ඊසානදිග මෝසම් තත්වය සක්‍රිය වීම හේතුවෙන් අද (07) උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
රටේ අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අතිවිය හැකි අතර බස්නාහිර සහ සබරගමු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර 50ක පමණ වැසි ඇතිවන බවත් එම නිවේදනයේ දක්වා ඇත.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


