මහනුවර සිිට කොළඹ දක්වා පැමිණෙන දුම්රිය මගීන් සඳහා හෙට (08) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව හෙට අලුයම 4.00, 4.15 සහ 4.30ට එම මගීණ් සඳහා මහනුවරින් බස් රථ ආරම්භවන අතර දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට ඒවායේ ගමන් කිරීමේ අවස්ථාව හිමිවෙයි. මෙම බස් රථ ධාවනය කරන්නේ මහනුවර, කටුගස්තොට, ගලගෙදර, හතරලියද්ද, රඹුක්කන, කරඬුපන, කෑගල්ල සිට පස්යාල හරහා කොළඹ දක්වා බව ද ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති පී.ඒ.චන්ද්‍රපාල පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ යොදවා ඇති බස් රථ ප්‍රමාණවත් නොවන්නේ නම් තවත් බස්රථ යෙදවීමට කටයුතු කරන බවයි.
එමෙන් ම මහනුවර සහ කොළඹ අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා ද එම මාර්ගයම තෝරාගෙන ඇත.


