23.3 C
Galle

කොටස් වෙළෙඳ පොළ යළි ඒකක 22,000 ඉක්මවයි

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (09) දිනයේ ගනුදෙනු 33,756ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,882ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 433ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,034  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම  (X) රුපියල් මිලියන 302
  • ඒසීඑල් කේබල් රුපියල් මිලියන 226
  • කලම්බු ඩොක්යාර්ඩ් රුපියල් මිලියන‍ෙ 212

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • යූබී ෆිනෑන්ස් සමාගම  කොටස් මිලියන 6.7
  • සියරා කේබල් සමාගම කොටස් මිලියන 5.7
  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 5.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං  සමාගම 33 %
  • කලම්බු ඩොක්යාර්ඩ් සමාගම 24%
  • බෝගල ග්‍රැෆයිට් සමාගම 24%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 371
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 322
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 318

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 71ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 220ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 149ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 53
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 03
  • ජන්‍යශක්ති ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 91
  • ඒසීඑල් කේබල් සමාගම රුපියල් මිලියන 75
  • කේබල් සොලුයුෂන්ස් සමාගම රුපියල් මිලියන 21

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!