23.3 C
Galle

උසස් පෙළ විභාගයේ කිසිම ගැටලුවක් නෑ. ප්‍රශ්න ඇත්නම් කියන්න

Published:

ගංවතුර සහ නායයැම් හේතුවෙන් උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර කිසිවකට හානී සිදුවී නොමැති බව  විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පවසයි.

ඇය පවසන්නේ දරුවන් ලියා අවසන් කළ උත්තර පත්‍ර කිසිවකට හානි නොවී ඉතාමත් සුරක්ෂිතව ඒ සියල්ල විභාග දෙපාර්තමේන්තුව භාරයේ ඇති බවයි. එමෙන් ම පැවැත්වීමට නියමිතව තිබූ විිෂයයන්වලට අදාළ ප්‍රශ්න පත්‍ර අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථානවල ඉතාමත් ආරක්ෂිතව ඇති බවත් ඇය කීවාය. උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවල පළමු අදියර මේ වනවිට ආරම්භ වෙමින් පවතින බව ද ඇය ප්‍රකාශ කරයි.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 ජනවාරි 12 සිට 20 දක්වා පවත්වන බව පසුගිය දා  නිවේදනය කළේය.

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911ට හෝ 0112 78 45 37,  0112 78 66 16 සහ 0112 78 42 08 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මීට අමතරව 0112 78 44 22 යන ෆැක්ස් අංකය මගින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ [email protected] යන විද්‍යුත් තැපැල් ලිපිනය ඔස්සේ ද ඒ පිළිබඳ දැනුම්දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව

Related articles

Recent articles

error: Content is protected !!