ඊයේ (11) රාත්‍රියේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු කථානායක අශෝක රන්වල අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
රන්වල මන්ත්‍රීවරයා පැදවූ ජීප් රථය සපුගස්කන්ද දෙනිමුල්ල ප්‍රදේශයේ දී වෙනත් මෝටර් රථයක මුහුණට මුහණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ඒහිදී මාස හයක බිළිඳෙකු ඇතුළු තිදෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.
ඒම රථයේ සිටි 25 හැවිරිදි කාන්තාවක්, ඇගේ බිළිඳා සහ 55 හැවිරිදි කාන්තාවක රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. පසුව ළදරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලට මාරු කර යවා ඇත.
තුවාල ලැබූ මන්ත්‍රීවරයා පළමුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අද (12) මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ. රාජ්‍ය මාධ්‍ය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේ රන්වල මත්පැන් පානය කර සිටි බවට සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රකාශ පොලිස් පරීක්ෂණ මගින් අසත්‍ය බවට සනාථ වී ඇති බවයි.
අනතුරට සම්බන්ධ බවට සැක කෙරෙන යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන තිබේ. ගැටුමට හේතු වූ කරුණු සොයා ගැනීම සඳහා සපුගස්කන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


