පිළිකා අවදානම බෙහෙවින් වැඩි කිරීමට සම්බන්ධ දුර්ලභ ජාන විකෘතියක් ඇති ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකු යුරෝපය පුරා අවම වශයෙන් දරුවන් 197 දෙනෙකුට පීතෘත්වය ලබාදීමට දායක වී ඇති බව ප්‍රධාන ජාත්‍යන්තර පරීක්ෂණයකින් හෙළි වී ඇත. නිරීක්ෂකයන් පවසන්නේ එය හදිසි මහජන සෞඛ්‍ය, සදාචාරාත්මක සහ නියාමන ප්‍රශ්න ගනනාවක් මතුකර තිබෙන බවයි.
2005 දී ශිෂ්‍යයෙකු ලෙස සිටියදී ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට පටන් ගත් නිරෝගී මිනිසෙක් වන මෙම පරිත්‍යාගශීලියා නොදැනුවත්වම TP53 ජානයේ විකෘතියක් දරා සිටියේය. මෙම විකෘතිය පාරම්පරික තත්වයක් වන අතර එමඟින් බලපෑමට ලක් වූ පුද්ගලයින්ට ජීවිත කාලය පුරාම පිළිකා ඇතිවීමේ අවදානම 90% ක් පමණ විය හැකිය.
පරිත්‍යාගශීලියාගේ ශුක්‍රාණු යුරෝපීය ශුක්‍රාණු බැංකුව (ESB) හරහා සපයන ලද අතර ඩෙන්මාර්කය, බෙල්ජියම, ස්පාඤ්ඤය, ග්‍රීසිය සහ ජර්මනිය ඇතුළු රටවල් 14 ක සායන මගින් භාවිතා කරන ලදී.
සියලුම රටවල දත්ත අසම්පූර්ණ බැවින්, පිළිසිඳ ගත් දරුවන්ගේ සැබෑ සංඛ්‍යාව ඊටත් වඩා වැඩි විය හැකි බව විමර්ශකයෝ පවසති.
බලපෑමට ලක් වූ ශුක්‍රාණු සමඟ පිළිසිඳ ගත් දරුවන්ගෙන් සුළු ප්‍රතිශතයකට දැනටමත් පිළිකා ඇති බව හඳුනාගෙන ඇති අතර සමහරුන් ළමා වියේදී මිය ගොස් ඇත.
2025 දී යුරෝපීය ජාන විද්‍යා සමුළුවකට සහභාගී වූ වෛද්‍යවරුන් විසින් එකම ශුක්‍රාණු පරිත්‍යාගශීලියෙකුට සම්බන්ධ ළමුන් තුළ පිළිකා රටා නිරීක්ෂණය කිරීමෙන් පසුව මෙම ගැටලුව මතු විය. පසුව සිදුකරන ලද සංකීර්ණ විමර්ශනයකින් මෙම තොරතුරු අනාවරණය වී ඇත.
පරිත්‍යාග කිරීමට පෙර සාමාන්‍ය පරීක්ෂාවකදී පරිත්‍යාගශීලියා තුළ විකෘතිය අනාවරණය නොවූ අතර, එයින් අදහස් වන්නේ එකල සම්මත සරු භාවය පිළිබඳ පරීක්ෂණ මගින් මෙම ජානමය අසාමාන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වූ බවයි .
මහජන සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවන්නේ TP53 විකෘතිය ඇති පුද්ගලයින් ජීවිත කාලය පුරාම ගැටලු වලට මුහුණ දෙන බවත්, පිළිකා කල්තියා හඳුනා ගැනීම සඳහා නිතිපතා වෛද්‍ය අධීක්ෂණය සහ පරීක්ෂාව අවශ්‍ය වන බවත්ය . බොහෝ පුද්ගලයන් තුළ මැදිවියට පෙර පිළිකා වර්ධනය වේ.
බලපෑමට ලක් වූ පවුල් සඳහා යුරෝපීය ශුක්‍රාණු බැංකුව අනුකම්පාව පළ කර ඇති අතර, ගැටලුව අනාවරණය වූ දා සිට පරිත්‍යාගශීලියාගෙන් තවදුරටත් පරිත්‍යාග කිරීම අවහිර කර ඇති බව පැවසීය. පවතින පරීක්ෂණ ක්‍රම සමඟ විකෘතිය හඳුනාගත නොහැකි බව බැංකුව පවසයි.
වෛද්‍යවරුන් සහ ක්ෂේත්‍රයට සම්බන්ද වෘත්තිකයන් ඉල්ලා සිටින්නේ පරිත්‍යාගශීලීන් සඳහා ශක්තිමත් ජාන පරීක්ෂණ, පරිත්‍යාගශීලියෙකුට උප්පත්තිය ලබා දිය හැකි දරුවන් සංඛ්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සීමාවන් සහ අනාගතයේදී මෙවැනිම අවස්ථා වළක්වා ගැනීම සඳහා දියුණු පරීක්ෂණ ක්‍රම ස්ථාපිත කළ යුතු බවයි.
සහායක ප්‍රජනන තාක්ෂණයන්හි ජාන පරීක්ෂණ ප්‍රමිතීන් සහ සදාචාරාත්මක අධීක්ෂණය පිළිබඳ විවාද මෙම විමර්ශනය මගින් අලුත් කර ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රමය වෙනස් වන ආකාරය
2025 මාර්තු මාසයේදී, ශ්‍රී ලංකාව පළමු නිල ශුක්‍රාණු බැංකුව විවෘත කළේය.
දේශීය විශේෂඥයින් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ ශුක්‍රාණු බැංකුව බෝවන රෝග සඳහා පරීක්ෂා කිරීම සහ සවිස්තරාත්මක සෞඛ්‍ය ඉතිහාසයන් ඇතුළුව ව්‍යුහගත වෛද්‍ය ක්‍රියා පටිපාටි අනුගමනය කරන බවයි . යුරෝපයේ දක්නට ලැබෙන නියාමනය නොකළ, දේශසීමා හරහා සිදු කරන පරිත්‍යාග මෙන් නොව, ශ්‍රී ලංකාවේ සේවාව ජාතික, පාලනය කරන ලද සහ සමීපව නිරීක්ෂණය කරන ලද්දකි.
මේ වනවිට දිග හැරී ඇති ජාත්‍යන්තර ගැටලුව දැනටමත් යුරෝපය පුරා ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා පෙළඹී ඇත. ගෝලීය වැරදි දේශීය ගැටළු බවට පත්වීමට පෙර ඒවායින් ඉගෙන ගැනීමට මෙය ලංකාවට මහඟු අවස්ථාවක් සපයා ඇති බව ද නිරීක්ෂකයෝ පවසති.


