තායිලන්තය සහ කම්බෝජියාව අතර දේශසීමා ප්‍රදේශවල පසුගිය දින කිහිපයේ ඇතිවූ ආයුධ සන්නද්ධ සටන් හේතුවෙන් උණුසුම් තත්ත්වය දිගහැරෙමින් පවතින අතර, එයට ප්‍රතිචාර ලෙස කම්බෝජියා රජය තායිලන්තය සමඟ ඇති දේශසීමා මාර්ග කිහිපයක් වසා දමා ඇත.
කාම්බෝජියානු බලධාරීන් පවසන්නේ, ජනතා ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. සටන් දිගහැරෙමින් පවතින ප්‍රදේශවලට ආසන්න දේශසීමා මාර්ග තාවකාලිකව වසා ඇති බවත්, තත්ත්වය සාමාන්‍ය වන තුරු එය පවතින බවත් සඳහන් වේ.
මොනවද මේ සටන්?
වාර්තා අනුව, තායිලන්ත–කම්බෝජියා දේශසීමා ආසන්නයේ ආරක්ෂක හමුදා අතර වෙඩි හුවමාරු සහ සටන් සිදුව ඇති අතර, ඒ හේතුවෙන් ප්‍රරදේශවාසීන් පලා යාමට සිදුව ඇත. ඒසේම දේශසීමා වෙළඳාම සහ ගමනා ගමනය සඳහා බාධා වී ඇත.
දෙපාර්ශ්වයම එකිනෙකාට දේශසීමා උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල කරමින් සිටින බවත්, තත්ත්වය තවමත් සංවේදී බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශසීමා වසා දැමීමෙන් ඇති බලපෑම්
දේශසීමා හරස්වීම් වසා දැමීම නිසා, දෛනිකව දේශසීමා හරහා ගමන් කළ කම්කරුවන් සහ වෙළඳුන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.
මේ හේතුවෙන් දේශසීමා වෙළඳාම සහ සංචාරක ක්ෂේත්‍රය තාවකාලිකව අඩාල වී ඇති අතර සරණාගත තත්ත්වයක් ඇතිවිය හැකි බවට ජාත්‍යන්තර සංවිධාන අවධානය යොමු කර ඇත.
රාජ්‍ය මට්ටමේ ප්‍රතිචාර
කම්බෝජියා රජය පවසන්නේ, තායිලන්තය සමඟ රාජ්‍ය මට්ටමේ සාකච්ඡා හරහා ගැටලුව විසඳීමට උත්සාහ කරන බවයි. ඒ අතරම, තායිලන්ත බලධාරීන්ද සීමා ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කර ඇති බව වාර්තා වේ.
විශාල පසුබිම
තායිලන්තය සහ කම්බෝජියාව අතර දේශසීමා ගැටලු අලුත් දෙයක් නොවේ. අතීතයේද, විශේෂයෙන් දේශසීමා ආසන්න ඓතිහාසික ස්ථාන සහ භූමි සීමා සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයන් ඇති වී ඇත.


