25.2 C
Galle

ගාල්ල මහ නගර සභාවේ අයවැය පරදී

Published:

ගාල්ල මහ නගර සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය අද වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත්විය.

නගරාධිපති සුනිල් ගමගේ විසින් ම අද උදෑසන අද උදෑසන අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු සමගි ජන බලවේගය විසින් ඡන්දයක් ඉල්ලා සිටින ලදී. එය විවෘත චන්දයක් ලෙස පැවැත්විය යුතු බවද යෝජනා විය.

ඒ අනුව සිදු කරන ලද ඡන්ද විමසීමේදී ගාල්ල මහ නගර සභාවේ පාලන බලය හිමි ජාතික ජනබලවේගයේ සියලුම සභිකයන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශය කළ අතර එයට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 17කි.

සභාවේ සිටි අනෙකුත් සියලුම සභිකයෝ අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ. ඒ අනුව විරුද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 19කි.

ඡන්ද විමසීමේ විශේෂත්වය වන්නේ පොදුජන එක්සත් පෙරමුණේ සභිකයකු ලෙස ගාල්ල මහ නගර සභාවට තේරී පත්ව, නගරාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්දයේදී ජාතික ජන බලවේගයට සහාය දුන් නියෝජ්‍ය නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඇතුළු එම කණ්ඩායමේ සභිකයන් තිදෙනාද අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කිරීමයි.
ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගය හිමිකර ගැනීමෙන් පසු පැවැති මංගල අයවැය මේ අනුව වැඩි ඡන්ද දෙකකින් පරාජයට පත් විය.

Related articles

Recent articles

error: Content is protected !!