බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ අද (16) පැවති මාසික සභා රැස්වීම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවයක් හේතුවෙන් ඒකම ගාලගෝට්ටියක් බවට පත්වූ අතර සභාවේ කටයුතු කරගෙන යෑමට අපහසු වීම නිසා සභාව දෙවතාවක් කල් තැබීමට සභාපතිතුමියට සිදුවිය.
සභාව ආරම්භක අවස්ථාවේදීම පසුගිය වාර්තාවට සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදුන් අතර ඒහිදී නැගී සිටි පොදුජන ඒක්සත් පෙරමුනේ මන්ත්‍රී දිල්රුක් අබේකෝන් මහතා, අයහපත් කාළගුණයෙන් රටේ ජනතාවට සිදුවූ ආපදා සම්බන්දව අදහස් පල කළ අතර සභාපතිනී ලලනී ජයමිණි මහත්මිය ඒයට විරෝධය පලකරමින් පවසා සිටියේ ඒම අවස්ථාව සංශේධන ඉදිරිපත් කිරීමට වෙන්කර ඇති බවයි. ඒ් සමගම වාර්තාව සභා සම්මත වූ අතර සංශෝධන වලට ඉඩ ලබා නොදුන් බව පවසමින් විපක්ෂයේ මන්ත්‍රීවරු දිගින් දිගටම විරෝධතා දක්වන්නට විය.
සභාවේ කටයුතු කරගෙන යෑමට අපහසු වූ බැවින් විනාඩි 10කට සභාව කල් තබා නැවත ආරම්භ කළද විරෝධතා දිගින් දිගටම පැවතීම හේතුවෙන් නැවත පැයකට සභාව කල් තැබීමට සභාපතිතුමිය කටයුතු කළාය. සභාව නැවත ආරම්භ වූ පසු න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරගෙන යෑමට සභාපතිතුමිය ආරම්භ කළද සංශෝධන වලට කාලය ලබාදෙන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරු අසුන් වලින් නැගිට කෑගසමින් විරෝධතාවයේ යෙදුනහ. විපක්ෂයේ මන්ත්‍රීවරු පවසා සිටියේ සංශෝධන වලට අවස්ථාව ලබා නොදී සභාව කරගෙන යෑම නීති විරෝධී බවයි. කෙසේවුවද ඒම විරෝධතා මධ්‍යයේම සභාවේ කටයුතු සිදුකර අවසන් කිරීමට සභාපතිතුමිය කටයුතු කළාය.


