ගාල්ල නගරයේ උපකාරක පන්තියක දී ගුරුවරයකු විසින් දැරියකට අමානුෂික ලෙස 160 වතාවක් පහර දී ඇතැයි ගාල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් ලැබී ඇත.
පහරකෑමට ලක් වූ දැරියගේ පියා පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන් වන්නේ ගාල්ල නගරයේ සාමාන්‍ය පෙළ ගණිත පන්තිය පවත්වන ගුරුවරයා විසින් මෙලෙස කෝටුවකින් පහර දී ඇති බවයි.
පහරදීම හේතුවෙන් ඇගේ සිරුරේ තැලුම් තුවාල සහ සීරීම් තුවාල විශාල ප්‍රමාණයක් තිබූ බැවින් ඇය ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර සිටි බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ප්‍රේමණිය ගුරුවරයකු ලෙස පෙනී සිටින අදාළ ගුරවරයා එලෙස ම තවත් ශිෂ්‍යන්ට පහර දී ඇති බවද අප වෙත වාර්තා වේ. මෙම දැරිය රෝහල්ගත වූ පසු එම ගුරුවරයා ද තමන්ට කිසියම් පිරිසක් විසින් පහරදුන් බව පවසමින් රෝහලට ගොස් ඇති අතර පසුව මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇත.
පොලිසිය සැකකාර ගුරුවරයා සොයා පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතත් ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බව ද වාර්තා වේ.


