25.2 C
Galle

වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටි සමාගමේ ප්‍රාථමික කොටස් සියල්ල පළමු දිනයේ දී ම අළෙවි වෙයි

Published:

මූලික කොටස් නිකුතුවක් අද (17) ආරම්භ කළ වෙල්ත්ට්‍රස්ට් සිකියුරිටි ලිමිටඩ් සමාගමේ ඉදිරිපත් කරන ලද සියලුම මූලික කොටස් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 500 ඉක්මවා ඉල්ලුම් කර තිබූ බැවින් එම මූලික කොටස් නිකුතුව අද සවස 4.30ට අවසන් කිරීමට තීරණය කළ බව කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත එම සමාගම නිල වශයෙන් දැනුම් දී ඇත.

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (17) දිනයේ ගනුදෙනු 23,289ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,325ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 3.5ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,329  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ඇග්‍රි සමාගම  රුපියල් මිලියන 753
  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන 242
  • කැල් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන‍ෙ 138

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රේණුක ඇග්‍රි සමාගම  කොටස් මිලියන 70
  • මහාරාජා ෆුඩ්ස් සමාගම කොටස් මිලියන 10
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 10

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ටෙක්ස්ට් ඇග්‍රෝ  සමාගම 07 %
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම 07%
  • හොරණ ප්ලාන්ටේෂන් සමාගම 05%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 371
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 323
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 317

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 14ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 144ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 130ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • රිචඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 04
  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 03
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කැල් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 96
  • ජෝන් කීල්ස් රුපියල් මිලියන 18
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!