25.9 C
Galle

ගාල්ලේ දැරියට පහරදුන්, ටියුෂන් ගුරුවරයාට ඇප

Published:

ගාල්ලේ නගරයේ දී දැරියකට අමානුෂික ලෙස පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උපකාරක පන්ති ගුරවරයකු රුපියල් ලක්ෂ 03 බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් මහේෂිකා විජේරත්න ඊයේ (17) නියෝග කළාය.

මෙලෙස ඇපමත මුදාහරින ලද්දේ පහන් ප්‍රේමවර්ධන නමැති උපකාරක පන්ති ගුරුවරයෙකි. දෙවැනි වසර නීති ශිෂ්‍යකු බව කියන හෙතෙම ගණිත විෂය සඳහා උපකාරක පන්ති පවත්වයි.

ගාල්ල නගරයේ පිහිටි ගුරුමඬල නමැති උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයක දී සාමාන්‍ය පෙළ ගණිතය ඉගෙන ගැනීමට පැමිණි දැරියකට ඔහු 160 වතාවක් කෝටුවකින් අමානුෂික ලෙස පහර දී තුවාල සහ තැලුම් තුවාල සිදුකරන ලදැයි සැකපිට ඔහු අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

පහරකෑමට ලක්වූ සිසුවිය ගාල්ල ජාතික රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලැබූ අතර පසුව එම ගුරුවරයා ද කිසියම් පිරිසක් තමන්ට පහරදුන් බව පවසා එම රෝහලේ ම ප්‍රතිකාර ලබා තිබිණි. පසුව රෝහලෙන් නික්ම ගිය සැකකරු දින කිහිපයක් ප්‍රදේශයෙන් බැහැරව සිටි බව ද පොලිසිය පවසයි.

මෙම නඩුව මැයි මස 06 වැනි දින නැවත කැඳවීමට නියමිතය.

Related articles

Recent articles

error: Content is protected !!