24 C
Galle

පොලිසියේ ආසාදිතයන් 839ක්

Published:

කොරෝනා ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට 839ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඊයේ (19) දිනයේ දී පොලිස් නිලධාරීන් 06 දෙනකු ආසාදිත බව හඳුනාගෙන තිබිණි. ආසාදිත වූ සමස්ථ පොලිස් නිලධාරීන් සංඛ්‍යාවෙන් 204 දෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ සමාජිකය් වෙයි.

පොලිස් නිලධාරීන් විශාල පිරිසක් මෙලෙස කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් අද (20) මරදාන පොලිස් ස්ථානයේ තනිකඩ භට නිවාස සංකීර්ණයේ දී පොලිස් නිලධාරීන් 500ක පමණ පිරිසකගේ පීසීආර් පරීක්ෂය සිදුකෙරිණි.

Related articles

Recent articles

error: Content is protected !!