වයස අවුරුදු 08ක බාලවයස්කාර දැරියකට අවස්ථා තුනක දී බරපතල ලිංගික අපයෝජනයක් කළ පුද්ගලයකුට බරපතල වැඩ සහිත වසර 10ක සිර දඬුවමක් නියම කිරීමට ගාල්ල මහාධිකරණ විිනිසුරු පූර්ණිමා පරණගම නියෝග කළාය.
මෙම සිරදඬුවමට අමතරව රුපියල් 10,000.00ක දඩයක් ද වින්දිත දැරියට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ද ගෙවන ලෙස නියෝග කෙරිණි. දඩය නොගෙවන්නේ නම් තවත් මාසය 06ක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 06ක් ද වශයෙන් සිර දඬුවම් නියම කරන බව ද විනිසුරුවරිය කියා සිටියා ය.
තවලම ප්‍රදේශයේ දී 2015 වර්ෂයේ ජනවාරිර මාසයේ දී මෙම අපයේජනය සිදුව ඇති අතර පැමිණිල්ල කියා සිටියේ අපයෝජනය සිදුකළ පුද්ගලයාට වින්දිත දැරියගේ වයසේ ම දියණියක් ද සිටින බවයි. ඔහු වින්දිත දැරියගේ නිවස ආසන්න නිවසක පදිංචිකරුවකු වන අතර දැරියගේ නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක විත්තිකරු තම දියණිය ද සමඟ එම නිවසට ගොස් දියණිය වෙළෙඳ සැළකට යවා මෙම අපරාධය කර ඇති බව ද පැමිණිල්ල කියා සිටියේ ය.


