25.9 C
Galle

රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවැනිවරටත් පරාදයි

Published:

රත්නපුර මහ නගර සභාවේ අයවැය දෙවනවර කියවීම ද අද (19) පරාජයට පත්විය.

ජාතික ජන බලවේගයට බලය හිමිව ඇති රත්නපුර මහ නගර සභාවේ නගරාධිපති අයවැය දෙවැනිවරට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ සඳහා ඡන්ද විමසීම පැවැත්ණි. ඡන්දය විමසන අවස්තාවේ දී සභාවේ සභිකයන් සියලු දෙනා (27) ම රැඳී සිටි අතර අයවැයට විරුද්ධව ඡන්ද 14ක් ද අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද ලැබිණි.

ඒ අනුව වැඩි ඡන්ද 01කින් අයවැය පරාජයට පත්විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභිකයකු වන එල්.පී.ලියනාරච්චි අයවැයට පක්ෂව ඡන්දය ලබාදීම ද මෙහි දී කැපී පෙණිනි.

අයවැය පරාජයට පත්වීමෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විරුද්ධව ඡන්දය ලබාදුන් කණ්ඩායම කියා සිටියේ අසාමාන්‍ය ලෙස බදු වැඩි කිරීම හේතුවෙන් තමන් අයවැය පරාජය කිරීමට තීරණය කළ බවයි.

Related articles

Recent articles

error: Content is protected !!