දිට්වා සුළි කුණාටුවේන සිදු වූ විනාශයෙන් පසු රට ගොඩනැගීම සඳහා කඩිනම් මූල්‍ය පහසුකමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමට අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ලබාදීමට ජාත්‍යන්තර මූදල සිය එකඟතාව පළකර ඇත.
එම අරමුදලේ විධායක කමිටුව ඊයේ (19) රැස් වූ අවස්ථාවේ දී එම තීරණය ගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර සිටියි.
මෙම මුදල ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ අරමුදල් ණය පහසුකම්වලට අමතරවය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 05 වැනි සමාලෝචනය අවසන් කර ඇති අතර, ඊට අනුමැතිය ලබාදීම සඳහා විධායක මණ්ඩලය පසුගිය දෙසැම්බර් මස 15 වනදා රැස්වීමට නියමිතව තිබුණ ද, මෙම කඩිනම් මූල්‍ය පහසුකම ඉල්ලීම හේතුවෙන් එය කල්දමනු ලැබීය. එම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම 2026 ආරම්භයේ දී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇත.


