25.9 C
Galle

රජයේ ඇමතිවරු උත්සව පවත්වා, බදුල්ල-අඹේවෙල අතර දුම්රියක් යවති

Published:

අපදා තත්වය හේතුවෙන් ධාවනය නවතා දමා තිබූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටුයුතු අතරතුර බද්ලල සහ අඹේවෙල අතර විශේෂ දුම්රියක් ධාවන කිරීම අද (20) රජය විසින් උත්සවශ්‍රීයෙන් සිදුකරන ලදී.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ උඩරට දුම්රිය මාර්ගයේ මෙලෙස දුම්රියක් ධාවනය කරන ලද්දේ දින 23කට පසුවය.

ඒ අනුව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු පිරිසක් බදුල්ල දුම්රිය ස්ථානයට පැමණි උදෑසන 8.00ට Class S14 බෙලවේග කට්ටලය බදුල්ල – අඹේවෙල විශේෂ උඩරට මැණිකේ දුම්රිය ලෙස ධාවන ආරම්භ කරන ලදී. දුම්රියේ බැලුන් බෝල සහ ජාතික කොඩි සවිකර සරසා තිබෙන ආකාරය ද දක්නට ලැබිණි.

ඒ අනුව අද සිට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල – අඹේවෙල අතර දුම්රිය ගමන්වාර කිහිපයක් සිදුකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Related articles

Recent articles

error: Content is protected !!