25.6 C
Galle

අම්බලන්ගොඩ සිංගර් කළමනාකරු ඝාතනය කරයි

Published:

අම්බලන්ගොඩ සිංගර් වෙළද ආයතනයේ කළමනාකරු එම වෙළඳසැල තුළදීම වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි. අද (22) උදෑසන සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ විද්‍යාල මාවත පදිංචි සන්තියාගේ හිරාන් කෝසල ද සිල්වා හෙවත් සිංගර් කෝසළ නැමැති 47 හැවිරිදි අයෙකි.

ගාලුදිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු වෙළඳසැලට ඇතුලුවි ටී.56 ගිණි අවියකින් කළමනාකරුගේ හිසට වෙඩි තබා පලාගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි. වෙඩිවැදීම හේතුවෙන් ඔහු එම ස්ථානයේම මියගොස් ඇත.

වෙඩික්කරුවන් පැමිණ ඇති බවට සැකකරන යතුරු පැදිය අම්බලන්ගොඩ ආඳාදොල කුරුඳුවත්ත ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබියදී, පසුව පොලිසිය විසින් සොයාගෙන ඇත. සිදුකරන ලද මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ යතරු පැදියේ අංකය ව්‍යාජ අංකයක් බවයි.

ඝාතනයට ලක්වු හිරාන් කෝසළ පසුගිය පළාත් පාලන මැතිවරණයේදි සමගි ජනබලවේගය පක්ෂයෙන් අම්බලන්ගොඩ නගර සභාවට තරඟ කළ අයෙකි.

ඝාතනයට සම්බන්ද පුද්ගලයින් සොයා අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

Related articles

Recent articles

error: Content is protected !!