25.8 C
Galle

අද කොටස් වෙළෙඳ පොළ

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ  අද (22) දිනයේ ගනුදෙනු 26,940ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,976ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 250ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 21,898 ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කලම්බු ඩොක්යාඩ් සමාගම ( R ) රුපියල් මිලියන 480
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 423
  • ටෝකියෝ සිමෙන්ති සමාගම රුපියල් මිලියන‍ෙ 196

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • හේමාස් හෝල්ඩින්ස් සමාගම  කොටස් මිලියන  12
  • කලම්බු ඩොක්යාඩ් සමාගම ( R ) කොටස් මිලියන 08
  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සපුගස්කන්ද වැවිලි  සමාගම 05 %
  • මර්චන්ට් ෂිපිං සමාගම 05%
  • රෝයල් ෆාර්ම් බීච් හෝටල් සමාගම 04 %

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 369
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 322.7
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 322.8

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 57ක් කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 48ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 08ත මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • අම්බන් කැපිටල් සමාගම රුපියල් මිලියන 13
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම රුපියල් මිලියන 03
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 01

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  රුපියල් මිලියන 22
  • ඩීඑෆ්සීසී බැංකුව  රුපියල් මිලියන 10
  • හැටන් නැෂනල් බැංකුව (X) රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!